Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඇතුගල්පුරය අතික්‍රමණය කරයි

2 years ago

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් හා ගෘහභාණ්ඩ අලෙවිය සඳහා නමක් දිනා සිටින තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් (පුද්) ලිමිටඩ් නවතම ශාඛාව කුරුණෑගල නගරයේ විවෘත කිරීමට සැළසුම් කර ඇත. මෙම විශේෂ උත්සවය 2025 මාර්තු 25 වනදා පෙරවරු 10.00ට කුරුණෑගල නගරයේ නො. 103, දඹුල්ල පාර හිදී පැවැත්වෙන අතර, මෙය තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් සන්නාමයේ  වැදගත් පියවරක් වේ.

නව ශාඛාව ආරම්භ කිරීමෙන් කුරුණෑගල නගරය සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවට තිලකවර්ධන වෙළඳසැල් ජාලයේ උසස් සේවාවන් සහ වඩාත් ලබා මිල ගණන් යටතේ බොහෝ දෑ ලබා ගැනීමට හැකි වනු ඇත.

මෙම නව ශාඛාවේ ව්‍යාපාරික කටයුතු 2025 මාර්තු 26 වනදා සිට මහාජනතාව සඳහා ආරම්භ වනු ඇති අතර, විශේෂ වට්ටම් සහ ප්‍රවර්ධන වැඩසටහන් ද මේ සමගම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අදාල ප‍්‍රදේශයේ පාරිභෝගිකයන්ගේ උණුසුම් සහය සහ ආදරය ලබා ගැනීමට තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් නව අත්දැකීම් රාශියක් ඔබ වෙනුවෙන් සුදානම් කර ඇත.