පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (24) තවදුරටත් පහළ ගොස් තිබේ.
ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 897,977ක් දක්වා අඩුවී ඇති බවට වාර්තා වේ.
එය පසුගිය 21වනදා සටහන් වුණේ රුපියල් 902,067ක් ලෙසය.
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 232,350ක් දක්වා අඩුවී තිබේ.
කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 29,040ක් දක්වා පහළ ගොස් ඇති අතර කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 27,720ක් ලෙස සටහන් විය.
