ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පසුගිය රජයන් ගත් එවැනි වැරදි තීරණ වර්තමාන රජය නොගතයුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
වැඩ තහනමකට ලක්ව බන්ධනාගාරගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව තනතුරින් පහ කිරීම සඳහා පාර්ලිමේන්තුවට මේ වන විට ඉදිරිපත්ව ඇති ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අදහස් දැක්වූවා.
“පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුවට පෞද්ගලික ප්‍රශ්නයක් තියෙන බවට පේනවා.ඒ වගේම තමයි මීට පෙරත් නීතී ක්ෂේත්රයේ ඉන්න අය පිළිබදවත් ආණ්ඩුවට පෞද්ගලික ප්‍රශ්න තිබ්බා. ඒ අය ගැනත් නොයෙක් කටකතා තිබ්බා. ආණ්ඩුවට පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවනම් ඒකට ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න පුළුවන්. එක පැත්තකින් ඔහු සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් යනවා. නඩුවේ වැරදිකාරයා බවට පත් වුණොත් කොහොමත් ජනාධිපතිවරයාට පොලිස්පතිවරයාව ඉවත් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ආණ්ඩුව හිතනවනම් ඊට කලින් පාර්ලිමේන්තුවෙන් මේක කරන්න ඕනෙ, තියෙන ප්‍රමාණවත් කරුණු මතආණ්ඩුවට විශ්වාසයක් නැත්නම් ආන්ඩුවේ 159ක් ඉන්නවා. මම හිතන්නේ කථානායකවරයාට පුළුවන් ඒ පිළිබඳව ඡන්දයක් විමසලා කමිටුවක් පත් කරලා ඒ පොලිස්පතිවරයාටත් අදහස් කරුණු දක්වන්න අවස්ථාව දීලා සාධාරණ වාර්තාවක් මත පාර්ලිමේන්තුවේ විවාදයක් කරලා තීන්දුවක් ගන්න.”
