Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල

බිත්තර මිල යළි ඉහළ යාමේ අවදානමක්

2 years ago

නිෂ්පාදන වියදම ඉහල යාම ඇතුළු කරනා කිහිපයක් හේතුවෙන් අගෝස්තු දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 50 සීමාවට ආසන්න විය හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය අනතුරු අඟවනවා.

වර්තමානයේ මධ්‍යම පරිමාණයේ කුකුළු ගොවිපොළ හිමියන්ට බිත්තරයක නිෂ්පාදන වියදම වශයෙන් රුපියල් 29 සිට රුපියල් 32 දක්වා මිලක් දැරීමට සිදුවන අතර සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන්ට රුපියල් 34ක පමණ
නිෂ්පාදන වියදමක් දැරීමට සිදුවී ඇත.

මෙවැනි තත්වයක් තුල බිත්තරයක් රුපියල් 23ක පමණ මුදලකට විකිණීමට සිදුවීමෙන් නිෂ්පදාකයින් මේවන විට ගැටළුවලට මුහුණ පා අසරණවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි පවසනවා.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මේ බව සඳහන් කළා.