Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ළඟදීම ‘රජ ලුණු’ වෙළඳපොළට

2 years ago

අලිමංකඩ ලුණු කර්මාන්තශාලාවේ නව මේස ලුණු නිෂ්පාදනාගාරය අද (29) විවෘත කෙරුණි. 

නවීන අංගෝපාංග සහ පහසුකම්වලින් සමන්විත මෙම කර්මාන්ත ශාලාවෙන් පැයකට ලුණු මෙට්ට්‍රික් ටොන් 05ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.

මෙහි නිෂ්පාදනය කෙරෙන අයඩීන් මිශ්‍ර ලුණු ”රජ ලුණු” යන නමින් කිලෝග්‍රෑම් 01 සහ ග්‍රෑම් 400 මේස ලුණු පැකට් අඩුම මිලක් යටතේ ඉදිරියේදී පාරිභෝගික ජනතාවට ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම මෙම කර්මාන්ත ශාලාව තුළින් සෘජු හා වක්‍ර රැකියා 450ක් පමණ ජනිත කිරීමේ හැකියාව පවති බව වාර්තා වෙයි.