Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අධිකරණයට යයි

2 years ago

ජාතික තලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් කාණ්ඩ ගත කිරීමට සහ එය පදනම් කරගනිම් බදු අය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් නායිකා චමරි අතපත්තු සහ උප නායිකා අනුෂ්කා සංජීවනි විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මින් පෙර ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය සිල්වා විසින් ද මීට විරෝධය පා පෙත්සම ඉදිරිපත් කළ අතර එම පෙත්සම් අප්‍රේල් මස 03 වනදා අභියාචනාධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිතයි.