Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල

බිත්තර සඳහා අද සිට 18%ක වැට් බද්දක්

2 years ago

බිත්තර සදහා අද (01) සිට සියයට 18ක වැට් බද්දක් අයකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් එච්.එම්.බි.ආර්.අලහකෝන් මහතා සඳහන් කළේ බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කළ ද බිත්තර මිලේ කිසිදු වැඩිවීමක් සිදු නොවන බවයි.

ඒ අනුව වැට් බද්ද පනවා තිබෙන්නේ බිත්තර අලෙවියෙන් ලබන ආදායම සඳහායි.

ඔහු සඳහන් කළේ බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉතිහාසයේ පළමු වරට බවයි.

බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත් මේ නිසා බිත්තර කර්මාන්තය කඩා වැටීමක් සිදුවන බවත් සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.