භූ කම්පනය හේතුවෙන් මියගිය සහ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ශෝකය පළ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) කොළඹ පිහිටි මියන්මාර හා තායිලන්ත තානාපති කාර්යාල වෙත පැමිණ තිබෙනවා.
එහිදී විපක්ෂ නායකවරයා මෙරට මියන්මාර සහ තායිලන්ත තානාපතිවරුන් ප්‍රමුඛ දූත පිරිස හමුවී සිය ශෝකය පළ කළා.
එමෙන්ම, මියන්මාරයේ සහ තායිලන්තය වෙනුවෙන් හැකි උපරිම සහයෝගය ලබා දෙන බවට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
