Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහළට

2 years ago

අද (01) සිට හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව, මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 200කි.

එමෙන්ම යෝගට් එකක මිලද රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 70 ක් බව මිල්කෝ සමාගම දැනුම් දෙනවා.

මිලිලීටර් 900 කල්තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක මිල රුපියල් 60 කින් වන අතර එහි නව මිල රුපියල් 380කි.

එමෙන්ම, මිලිලිටර් 450 දින තුනක දියර කිරි පැකට්ටුවක මිල පහත දමා ඇත්තේ රුපියල් 30කිනි.