Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් ගාස්තු වැඩිවීමක් ගැන ඉඟියක්! වැඩිවන දිනය මෙන්න!

2 years ago

නියත ලෙසම එළැඹෙන ජූලි මාසයේ දී බස් ගාස්තු සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ පෙරේදා (31) ඉන්ධන මිලෙහි සිදුකළ සංශෝධන සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“තව මාස දෙකයි අපිට තියෙන්නේ. අනිවායර්යෙන්ම ජූලි මාසේ බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඉතින් අපි මේක අවධානම පහුගිය දැන් සති දෙහෙකට පෙර ප්‍රවාහන අමාත්‍යංශයේ අමාත්‍යවරයා එක්ක අපි සාකච්ඡා කරා. අපි මේක සෘජුවම දැනුම් දුන්නා ඔහුට කෙසේ වෙතත් ජූලි මාසය වෙනකොට මේ බස් ගාස්තු වැඩි වීමකට අපිට යන්න සිද්ධ වෙනවා.

අපි අඩු කරනවා තමයි. ඒක ප්‍රතිපත්තිමය විදිහට අපි කියන්නේ, බලාපොරොත්තු වෙන්න ඊළඟ මාස දෙක ඇතුළත බස් ගාස්තු වැඩි වීමක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා කියලා. මොකද ඒකට හේතුව තමයි අපි දිගින් දිගටම කිව්වා, බස්රථවලට වැට් ආදේශ කරලා තියෙනවා, බස් රථයේ මිල වැඩිවෙලා තියෙනවා කියලා, ඉතින් ඒකත් එක්ක අනිත් සාපේක්ෂව සියලුම පිරිවැයන් වැඩිවෙලා තියෙනවා. ඉතින් ඒ නිසා, ඒ කරුණු දොළහක් පදනම් කරගෙන, අපිට මේ වාෂරීක බස් ගාස්තුවට යන්න සිද්ධ වෙනවා.