Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල්ගේ තුරුලට ගිය හිටපු ප්‍රබලයින් පිරිසක් යළි පොහොට්ටුවට එක්වෙයි

2 years ago

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් රැසක් යළිත් එම පෙරමුණ සමඟ එක්වී තිබේ.

පළාත් පාලන ආයතන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් දිනවීමට සංවිධාන කරන රැස්වීම්වලට පැමිණ ඔවුන් සිය සහයෝගය පළ කරමින් සිටිති.

හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල එල්ලාවල, කරුණාදාස කොඩිතුවක්කු සහ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් මෙලෙස පොදුජන පෙරමුණ සමඟ යළිත් එක්වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කරුණාදාස කොඩිතුවක්කු මහතා පසුගිය පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සිය සහය පළ කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිධුර අපේක්ෂකයෙක් ඉදිරිපත් කර තිබූ පසුබිමක මොවුන් වෙන අපේක්ෂකයන් සඳහා සහාය පළ කළහ.

ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය විසින්  තීරණයක් ගන්නා ලදී. එවැනි පසුබිමක පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කළ පිරිස යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට කටයුතු කිරීම විශේෂත්වයකි.