Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක්

2 years ago

පසුගිය මාර්තු මස 31 වැනිදා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් කළ කතාව අතරතුර මධ්‍යම රජයෙන් ප්‍රතිපාදන එවනු ලබන්නේ වංචා නොකරන, දූෂණය නොකරන කණ්ඩායම් ජයග්‍රහණය කරන ප්‍රාදේශීය සභාවලට පමණක් බවත්, එවැනි කණ්ඩායම් ඇත්තේ එකක් පමණක් බවත් එය ජාතික ජන බලවේගය පමණක් බවටත් සිදු කරන ලද ප්‍රකාශය රටේ විධායක ජනාධිපතිවරයා විසින් ඍජුව ම තම බලය පාවිච්චි කරමින්, මධ්‍යම රජයේ අනුග්‍රහය ලබාදීම හෝ නොදීම තීරණය කිරීම හරහා ඡන්දයට බලපෑම් කිරීමක් ලෙස පෙන්වා දෙමින් එක්සත් ජනරජ පෙරමුණ විසින්  (02) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දෙන ලදී.

එම ලිපියෙන් එක්සත් ජනරජ පෙරමුණ පෙන්වා දෙන්නේ, පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු පිළිබඳ තීරණ ගන්නේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය හා අදාල පලාත් සභාවලට අනුයුක්ත නිලධාරීන් විසින් බවත්, මෙයින් වක්‍රව තම ආණ්ඩුව යටතේ වූ නිලධාරීන් ද දූෂිත වලල්ලට ජනාධිපතිවරයා විසින් එක් කොට ඇති බවත් ය. තව ද අනාගතයේ දී මන්ත්‍රීවරුන් වන ජාතික ජන බලවේගයේ නොවන පුද්ගලයින් කිසිදු විභාගයකින් තොරව රටේ ජනාධිපති විසින් දූෂිතයන් ලෙස නම් කිරීම ඔවුනට කරනා අගතියක් බවත්; එබැවින්, පක්ෂ නායකයෙකු වශයෙන් ජනාධිපතිවරයා විසින් මෙවැනි ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් ස්වාධීන මැතිවරණ කොමිසමේ ප්‍රතිපාදන ප්‍රකාරව ක්‍රියා කරන ලෙසත්, එම ලිපියෙන් එක්සත් ජනරජ පෙරමුණ ඉල්ලා සිටියි.

ඉහත කාරණය සම්බන්ධයෙන් ඉතාම උනන්දුවෙන් කරුණු සොයා බලා, එළඹෙන පළාත් පාලන මැතිවරණය අපක්ෂපාතී සහ නිදහස් මැතිවරණයක් බවට පත් කර ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ද එක්සත් ජනරජ පෙරමුණ මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.