Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ට්‍රම්ප්ගේ තීරු බද්දත් සමඟ මෙරට කොටස් වෙළඳපොළෙහි දරුණු පහත වැටීමක්

2 years ago

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පැනවීමට තීරණය කර ඇති පසුබිමක අද (03) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් දක්නට ලැබුණි.

ඒ අනුව අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 349.84කින් පහළ ගොස් තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 119.30කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,657.60ක් දක්වා පහත වැටී තිබේ.

එමෙන්ම S&P SL20 දර්ශක අගය ඒකක 4,643.32ක් ලෙසත් සටහන් වී තිබේ.

අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.82 ක් ලෙසින් වාර්තා වේ.