සමගි ජන බලවේගයේ පක්ෂ සම්මේලනය කොළඹ හයිඩ් පිටියේදී අද පස්වරුවේ පැවැත්වුණා.
එහිදී එම පක්ෂ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යළි පත්කර ගැණුනා.
ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කළේ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරයි.
එම යෝජනාව පක්ෂයේ විධායක කමිටුව හා සම්මේලනයට රැස්ව සිටි පිරිස විසින් ඒකමතිකව සම්මත කරනු ලැබුවා.
