IPL ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 80කින් පරාජය විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 200ක් රැස්කළා.
ලකුණු 201ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 16.4කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 120ක් පමණි.
සිය මංගල IPL තරගයට ඊයේ ක්‍රීඩා කළ කමිදු මෙන්ඩිස් සිය මංගල IPL කඩුල්ල දවා ගැනීමට සමත් විය.
ඔහු මෙම තරගයේදී එක් පන්දුවාරයක් පමණක් ක්‍රියාත්මක කළ අතර ඔහු එහිදී ප්‍රතිවාදීන්ට ලකුණු 4ක් පමණක් ලබා දීම විශේෂත්වයකි.
පන්දුවට පහරදීමේදී ලකුණු 27ක් රැස් කිරීමට ඔහු සමත් වුණා.
