Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනතා මුදල් වංචා කරන පිරමීඩාකාර මූල්‍ය ආයතන ගැන මහ බැංකුවෙන් අධිකරණයට වාර්තාවක්

2 years ago

දිනෙන් දින රට පුරා ව්‍යාප්ත වන නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනවලින් ජනතාව බේරා ගැනීමට මහ බැංකුව ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මියට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කර තිබෙනවා.

මහේස්ත්‍රාත් අධිකරණය මගින් 2024 දෙසැම්බර් 18 වෙනි දින නිකුත් කළ නියෝගයක් ප්‍රකාරව මෙම වාර්තාව මහ බැංකුව  ඉදිරිපත් කළා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති නිලධාරී අනුර ජයසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පිටු හයකින් සමන්විත එම වාර්තාව සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ අදාළ දැනුවත් කිරීම් ගම් මට්ටමින් ව්‍යාප්ත කර ඇත්ද? යන්න පිළිබඳවයි.

ඊට පිළිතුරු ලබා දුන් නීති නිලධාරී අනුර ජයසිංහ මහතා කියා සිටියේ වැඩමුළු, සම්මන්ත්‍රණ ,සාකච්ඡා ගම් මට්ටමින් දීප ව්‍යාප්තව ව්‍යාප්ත කර ඇති බවයි.