Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනයේ වෙනසක් සිදුවෙනවාද ? මැතිවරණ කොමිෂමේ සභාපතිගෙන් පැහැදිලි කිරීමක්

2 years ago

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අදාළ නියමිත දිනයේදීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

මැයි මස 06 වැනිදා පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන බව මීට පෙර ප්‍රකාශයට පත් කර ඇති බවත්, එම දිනයේ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවයි සභාපතිවරයා එහිදී සඳහන් කළේ.

ඊයේ (04) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එළැඹෙන 16 වැනිදා නිල ඡන්ද දැන්වීම පත්‍රිකා තැපෑලට භාර දීමට පියවර ගන්නා බවත්, අප්‍රේල් 20 වැනිදා විශේෂ බෙදා හැරීමේ දිනයක් ලෙස සලකා කටයුතු කරන බවයි.