පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (05) තවදුරටත් අඩුවී තිබෙනවා.
ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 923,914ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 239,100ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 29,890ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,600ක් ලෙස සටහන් වුණා.

