Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චෙන්නායි කණ්ඩායමට දරුණු පරාජයක්

2 years ago

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අද පස්වරුවේ (05) ඇරඹි තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 25ක විශිෂ්ට ජයක් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දිනාගත්තා.

කාසියේ වාසිය දිනාගත් දිල්ලිවරුන් පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 06ක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 183ක් ලබාගත්තා.

විශිෂ්ඨ ඉනිමක් දියත් කළ ලෝකෙෂ් රාහුල් ලකුණු 77ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී කලීල් අහමඩ් කඩුලු 02ක් සහ රවීන්ද්‍ර ජඩේජා, නූර් අහමඩ් සහ මතීෂ පතිරණ එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ලකුණු 184ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය චෙන්නායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 158 ක් පමණි.

එහිදී විජේ ශංකර් නොදැවී ලකුණු 69 ක් හා මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 30ක් ලබා ගත්තා.

ඒ අනුව මෙවර තරගාවලියේ චෙන්නායි කණ්ඩායම ක්‍රීඩා කළ තරග 04න් ම 03ක් පරාජයට පත් වීම විශේෂත්වයක්.