Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ප්‍රබල ඇමතිවරයෙකුගේ බිරිඳගෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය පැය 3ක් ප්‍රශ්න කරයි

2 years ago

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහගේ බිරිඳ වන දිනූෂා රණසිංහගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ අනුව, ඊයේ (05) දිනයේදී ඇයගෙන් පැය තුනක පමණ කාලයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

ඒ, නීතිවිරෝධීව එකළස් කරන ලද ලොරි රථයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පසුගියදා අත් අඩංගුවට ගත් අවස්ථාවේදී එම ලොරි රථය දිනූෂා රණසිංහ අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන සමාගමකින් මිලදී ගත් එකක් බව අනාවරණය වීම හේතුවෙනි.