Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සනත් ජයසූරිය, මෝදිගෙන් සිදු කළ ඉල්ලීම

2 years ago

මෙරට නිල සංචාරයක නිරතවන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙක් අතර හමුවක් ඊයේ (5) පවත්වා තිබෙනවා.

මෙම හමුව සඳහා අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, චමින්ද වාස්, මාවන් අතපත්තු, කුමාර ධර්මසේන ඇතුළු 96 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයින් 08 දෙනෙකු එක්ව තිබෙනවා.

මෙම හමුවේදී උතුරු, නැගෙනහිර ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීම සඳහා යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් පිහිටුවන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් සහාය ඉල්ලා තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් සනත් මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර අපගේ දුෂ්කරම කාලවලදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ජනතාව ලබාදුන් ත්‍යාගශීලී සහයෝගය ශ්‍රී ලංකාවේ ජනතාව සැමවිටම සිහිපත් කරනු ඇති බවයි සනත් එම ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.