වැලිකඩ බන්ධනාගාරයේ වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් විඳින උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා එම බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයට යොදවා තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේ ඔහු සිරගත කළ චෝදනාවටම සිර දඬුවම් නියම වූ හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳව වැලිකඩ බන්ධනාගාරයේම කාන්තා අංශයේ රඳවා සිටින බවත් ඇය මේ දක්වා කිසිදු වැඩකට යොමු කර නොමැති බවයි.
මුද්‍රණ අංශයේ සේවයට යොදවා සිටින හිටපු මහ ඇමතිවරයාට පොත් බැඳීම, ලිපිගොනුු සෑදීම ආදී වැඩ රැසක් කිරීමේ අවස්ථා උදාවන බවත් ඒ මහතා සඳහන් කළේය.
ඔහු මහාධිකරණයෙන් දුන් සිරදඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කළ පසු ඔහුව මුද්‍රණ අංශයේ රාජකාරිවලින් ඉවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
