මෝටර් රථයක්, නිවසක් ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි දරුවන් තිදෙනෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (05) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබෙන්නේ මහබාගේ, වැලිසර ප්‍රදේශයේදීයි.
අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා කඩිනමින් රාගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් දරුවෙක් මියගොස් ඇති බවයි පොලිසිය පවසුවේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 05 හැවිරිදි දැරියක්.
තුවාල ලැබූ අනෙක් දරුවන් දෙදෙනා මේ වන විට බරපතල තත්ත්වයෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවීමෙන් අනතුරුව මෝටර් රථයේ රියදුරු මෝටර් රථය එම ස්ථානයේ දමා පලාගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
