Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොකාට වාරයක් නම් තිත්තයට දෙවාරයක් කියලා කතාවක් තියෙනවා – එස්.එම්. චන්ද්‍රසේන

2 years ago

සහෝදරයා හා තම බිරිඳ සිරඟත විම සම්බන්ධයෙන් තමා ඉතා කණගාටුවෙන් සිටින බව හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

කෙසේ වුවත් තමාගේ දේශපාලන කටයුතු ඉදිරියට පවත්වා ගෙන යන බවයි ඔහු සඳහන් කළේ.

අධිකරණය තීන්දු දුන්නම සමහර පිරිස් තමාට සිනාසෙන බවත් අෂ්ඨලෝකෙ ධර්මය අනුව සියලු දෙනාටම මෙයට මුහුණ දෙන්න සිදුවන බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඔහු මේ බව පැවසුවේ අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

”නිති සම්පාදනය කරන්න අවුරුදු 24ක් පාර්ලිමේන්තුවේ ඉදලා උදව් කරපු කෙනෙක් මම.ඒ වගේම අධිකරණයේ නඩු තීන්දුව දෙනකොට විනිසුරුතුමා ප්‍රකාශ කළා මෙම තින්දුව පිළිබද සෑහිමකට පත් වෙන්නේ නැත්තන් අභියාචනාවක් ඉදිරිපත් කරන්න පුලුවන් කියලා .ඒ අනුව දැනට අපි සහනයක් ඉල්ලලා තියනවා.ඒ කටයුතු කෙරෙයි කියලා හිතනවා.සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

අපිට විවේචනය කරනන්න බැහැ කරන්නෙත් නැහැ. සමහර අය මේ වගේ දෙයක් උනාම අපිව සමච්චලේට ලක්කරනවා.විහිලු කරනවා. දේශපාලනේ කරන හුගක් දෙනෙක්ට මේකට මුහුණදෙන්න වෙලා තියනවා.

ලාල්කාන්ත මහනුවර රැස්විමකදි කිවුවා වැරදි නොකරපු කෙනෙක් මෙතන ඉන්නවනම් අත උස්සන්න කිවුවා.කිසි කෙනෙක් අත ඉස්සුවේ නැහැ. දේශපාලනේ කරනකොට හරි වෙනත් වැඩ කරනකොට සුලුසුලු අඩුපාඩුකම් වෙනවා.

අධිකරණ තීන්දු දුන්නම සමච්චල් කරන එක නෙමෙයි සියලු දෙනාටම අෂ්ඨලෝකෙ ධර්මේ හැටියට සියලු දෙනාටම මේවට මුහුණ දෙන්න වෙනවා.තව කතාවක් තියනවනේ කොකාට වාරයනම් තිත්තයට දෙවාරයයි කියලා. ඒවා නොදන්න අය අපිව සමච්චලේට ලක් කරනවා අපිට මේව හොදට හුරුයි.”