Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අජාසත් පුතෙක් පිළිබඳ පුවතක්! පුතුගේ කොසු පහරින් මවක් මරුට!

2 years ago

වාලච්චේන කේණි නගර්, නාවල් අඩි ප්‍රදේශයේදී පහරදීමකින් කාන්තාවක් මිය යාම පිළිබඳ පැමිණිල්ලක් ඊයේ (06) උදෑසන වාලච්චේන පොලීසියට ලැබී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක දී හෙළි වී ඇත්තේ සිය පුත්‍රයා විසින් සිදුකළ පහරදීමකින් මෙම කාන්තාව මියගොස් ඇති බවය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ  72 හැවිරිදි නාවල් අඩි ප්‍රදේශයේ පදිංචිකාරියකි.
  
මෙම කාන්තාව සිය පුත්‍රයා සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුතා විසින් කොස්සකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙන අතර පහරදීම සිදුකළ බවට සැකකෙරෙන කැඩී ගිය කොස්සක් හා පොල්ලක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම ඝාතනයට සැකපිට 42 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

වාලච්චේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.