Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍ය තත්වය ගැන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

2 years ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවෙන් සිටින බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, “සමාජ මාධ්‍යයේ එහෙම කිව්වට මම ගෙදර යද්දි හොඳට හිටියා.” යනුවෙනි.

පසුගිය දිනවල හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ විය.