Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් බුද්ධි අංශයෙන් බව කියා පැමිණ සජබ අපේක්ෂකයෙකුගේ නිවස කොල්ල කාලා

2 years ago

මෙවර පළාත් පාලන මැතිවරණයට කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බල වේගයෙන් තරඟ වදින අපේක්ෂකයෙකුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් බුද්ධි අංශ නිලධාරීන් බව පවසා ගිනි අවියක් පෙන්වා මුදල් කොල්ලකා පලා ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.

එලෙස පැමිණි කොල්ලකරුවන් මුදල් රුපියල් 180,000 ක් සහිත මුදල් පසුම්බියක්, රුපියල් 85000 ක් වටිනා ජංගම දුරකථන දෙකක් ද කොල්ලකා රැගෙන ගොස් තිබෙන බව සඳහන් වේ.

මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකුගේ නිවසකි.

පැමිණිලිකරු ඔහුගේ නිවස තුළ සිටියදී නිවස ඉදිරිපිට ගේට්ටුවට කිසියම් පුද්ගලයකු තට්ටු කරනු ඇසී ගොස් බැලීමෙන් පසු මෙම සිද්ධියට මුහුණපා තිබේ.