Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවුරුද්දට ගමේ යන අයට විශේෂ දැනුම්දීමක්

2 years ago

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන් සඳහා ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ලබන 09 වනදා සිට 21 වන දින දක්වා මෙම ඒකාබද්ධ ප්‍රවාහන සැළැස්ම සකස් කර ඇති බවයි.

ඒ අනුව අවුරුදු කාලසීමාව තුළ මහනුවර, පුත්තලම, හයිලෙවල්/ලෝලෙවල්, දඹුල්ල හා ගාල්ල යන ප්‍රධාන කොරිඩෝ 05 කේන්ද්‍ර කර ගනිමින් ගමනාගමන මණ්ඩලය සහ ගමනාගමන කොමිෂන් සභාව මගින් දුරගමන් බස් රථ සේවා ක්‍රියාත්මක කරනු ලබන අතර අතිරේක බස් රථ ගමන්වාර 500ක් ධාවනය කිරීමට සැළැසුම් කර තිබේ.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ද කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, මහනුවර හා ගාල්ල යන ගමනාන්තවලට සාමාන්‍ය ගමන්වාරවලට අතිරේකව විශේෂ දුම්රිය සේවා යොදවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර මාකුඹුර, කඩවත, කඩුවෙල හා බැස්ටියන් මාවත කේන්ද්‍රකර ගනිමින් අධිවේගී මාර්ගය හරහා ගාල්ල, මාතර, බදුල්ල, තංගල්ල, කතරගම යන ප්‍රදේශ සඳහා මගී සේවා සැපයීමට අතිරේක බස් රථ 350ක් යෙදවීමට ද කටයුතු සැළසුම් කර තිබේ.

මෙම කාලසීමාව තුළ ගම්බිම් බලා යාමට කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත බස් නැවතුම්පොළවලට මගීන් ලක්ෂ 08කට ආසන්න සංඛ්‍යාවක් පැමි‍ණෙනු ඇතැයි අපේක්ෂා කරමින් මෙම ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම සකසා තිබෙනවා.