Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශේෂ දන්ත ධාතු ප්‍රදර්ශනය ගැන මහානායක හිමියන්ගෙන් නිවේදනයක්

2 years ago

විශේෂ දන්ත ධාතු ප්‍රදර්ශනය සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන් ගෞරවාන්විතව හා පිළිවෙළකට හැසිරිය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ පවසති.

මෙම කාලය තුළ ලක්ෂ 20 කට අධික බැතිමතුන් පිරිසකගේ මහනුවරට පැමිණීම අපේක්ෂා කරන බැවින් මෙම විශේෂ ඉල්ලීම කර ඇත.

අප්‍රේල් 18 වැනි දින සිට දින 10ක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී විශේෂ දන්ත ධාතු ප්‍රදර්ශනය පැවැත්වේ.

නිවේදනයක් නිකුත් කරමින් අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියෝ පවසන්නේ, සාම්ප්‍රදායිකව වසර පහකට වරක් දන්ත ධාතු ප්‍රදර්ශනය සිදු වුවද, විවිධ හේතූන් මත එය වසර 16 ක් තිස්සේ සිදු වී නොමැති බවයි.