ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (08) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඉන්දියාවේ දී පැවැත්වෙන “RISING BHARATH” සමුළුවේ විශේෂ දේශනයක් සඳහා මන්ත්‍රීවරයා මෙලෙස ඉන්දියාව ලබා පිටත්ව ගොස් තිබේ.
මෙම සමුළුවේ ප්‍රධාන දේශනය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, බොලිවුඩ් නිළි කාජල් ඇතුළු ප්‍රබල චරිත රැසක් මෙම සමුළුවේ දේශන පැවැත්වීමට නියමිතයි.
නවදිල්ලි නුවරදී පැවැත්වෙන මෙම සමුළුව හෙට දිනයේදී නිමාවට පත්වෙයි.
