පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය යළි දීර්ඝ කර තිබෙනවා.
මීට පෙර රජය විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක වීම 2025 වසරේ මාර්තු 31 දක්වා අත්හිටුවා තිබුණි.
මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ලබාදී තිබූ සහන කාලය 2025 දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කරන බවයි.
ඒ අනුව රුපියල් මිලියන 25ට අඩු ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මාතර් 31 දක්වා මුලින් අත්හිටුවන ලද පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම 2025 දෙසැම්බර් 31 දක්වා දීඝර් කරන තිබෙනවා.
මේ අතර රුපියල් මිලියන 25-50 අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා 2025 සැප්තැම්බර් 30 දක්වා සහ රුපියල් මිලියන 50 ඉක්මවන ණය ලබාගෙන ඇති අය සඳහා 2025 ජුනි 30 දක්වා අත්හිටුවීම දීඝර් කළ බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.
