ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (09) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295.86ක් ලෙස සටහන් විය.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 304.42ක් ලෙසයි.
ඊයේ (08) දිනයේ ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් පිළිවෙළින් රුපියල් 293.44ක් ලෙස සහ රුපියල් 302.14ක් ලෙස සටහන් විය.
