මෙවර පළාත් පාලන මැතිවරණයේ විකාශන කටයුතුවලින් ඉවත්වීම කෙරෙහි ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
මැතිවරණ කොමිසම මගින්, පසු ගිය අවුරුදු වල පැවැත්වූ ප්‍රධාන මැතිවරණ විකාශ කටයුතු සඳහා අය කල ගාස්තු, මෙවර පළාත් පාලන මැතිවරණ විකාශන කටයුතු සඳහා සියයට 1300% කින් පමණ වැඩි කර තිබීම ඊට හේතුවයි.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ සභාපති, අසංග ජයසූරිය සහ ලේකම්, ලක්සිරි වික්‍රමගේ අත්සනින් යුතුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙත ලිඛිත දැනුම්දී ඇත්තේ, මේ පිළිබඳ සලකා බලා පසුගිය වසර වල ප්‍රතිඵල විකාශය සඳහා අය කරනු ලැබූ මුදල් එසේම අය කිරීමට කටයුතු කරන ලෙසයි.
මැතිවරණ ප්‍රතිඵල විකාශයක් යනු මහජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමක් වන අතර, මේ මුදල් අය කිරීම මගින් එසේ ප්‍රතිපල විකාශයෙන් නාලිකා ඉවන් වුවහොත්, එය ජනනාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට ද බලවත් පහරක් වනු ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.
(source – theleader)
