Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිගේ ප්‍රකාශයට දැඩි විරෝධයක්

2 years ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කරන ලද ප්‍රකාශයෙන් ජාතික ජන බලවේගයට බලය හිමි නොවන පළාත් පාලන ආයතන වලට මුදල් ලබා නොදෙන බව ඍජු ලෙස ප්‍රකාශ නොවූවද එමගින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ 82 වගන්තිය ප්‍රකාරව අයුතු බලපෑමක් සිදුවන බව බව පැෆරල්  සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

අද (18) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ,  පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බවයි.  

රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට සපථ කළ ඒ පිළිබඳව නායකත්වය ගත් හා මැතිවරණ සංස්කෘතිය යහපත් දිශානතියක් කරා යොමු කිරීමට ආදර්ශ සැපයූ දේශපාලන පක්ෂ නායකයෙකුගෙන් සමාජය මෙවැනි ප්‍රකාශ අපේක්ෂා නොකරන බවත්  රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

ජාතික ජන බලවේගයට බලය හිමිවන පළාත් පාලන ආයතන වලට අත දිගහැර මුදල් ලබා දෙන බවත් අනෙක් පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීමේදී දස වරක් සිතන බවටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කන්තලේ, මන්නාරම සහ තවත් ප්‍රදේශ කීපයක ජන හමු අමතමින් ප්‍රකාශ කර තිබුණා.

පැෆරල් සංවිධානය නිකුත් කළ නිවේදනය පහතින්.