Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ප්‍රබල පළාත් සභා මන්ත්‍රීවරයෙක් ජීවිතක්ෂයට පත්වෙයි

2 years ago

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අද සවස (18) අභාවප්‍රාප්ත වී තිබේ.

නෙළුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙස දේශපාලනයට අවතීර්ණ වූ ඒ මහතා හිනිදුම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස දිගු කලක් කටයුතු කළේය.

සුනිල් සේනානායක මහතාගේ දේහය නෙළුවේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අප්‍රේල් මස 20 වන ඉරිදා සවස 4.00 ට නෙළුව මහජන ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතය.