Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට ආර්ථිකය ගැන කොළ එළි දල්වමින් වසර හතරකට පසු ඉහළම PMI අගය වාර්තා වෙයි

2 years ago

පී.එම්.අයි යනු රටක ආර්ථිකයේ සේවා හා නිෂ්පාදන අංශයේ අනාගත ක්‍රියාකාරකම් පිළිබදව අනාවැකි පළ කිරීම සදහා භාවිතා කරන වැදගත් ආර්ථික දර්ශකයකි.

පසුගිය මාර්තුවේදී වසර හතරකට පසු පී.එම්.අයි දර්ශකයේ ඉහළම අගය වාර්තා වී ඇති අතර එය සටහන් වී ඇත්තේ 63.9%ක් ලෙසයි.

2015 වසරේද සිට මහ බැංකුව විසින් එම අගය ගණනය කිරීම සිදුකරයි.

උත්සව සමයේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යාම නිසා නිෂ්පාදනයේ සිදු වී තිබෙන වර්ධනය එම අගය ඉහළ යාමට හේතු වී ඇති බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.