Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල් පිල්ලෙයාන්ට දුරකථන ඇමතුමක් ගැනීමට උත්සාහ කළ හේතූව පිළිබඳව පැහැදිලි කිරීමක්

2 years ago

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ව (පිල්ලෙයාන්) දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ කිරීමට හේතුව පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරාල මහත්මිය පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

පිල්ලෙයාන්, වික්‍රමසිංහගේ ආණ්ඩුවේ අමාත්‍යවරයකු ලෙස සේවය කර තිබීම නිසා හිටපු ජනපතිවරයා මෙම උත්සාහය දරා ඇති බවයි ඇය පවසන්නේ.

තම රජයේ සිටි සාමාජිකයකු හදිසියේ අත්අඩංගුවට ගෙන තිබේදැයි සොයා බැලීම ඔහුගේ වගකීම බවත්, රනිල් වික්‍රමසිංහ මෙම වගකීම ඉටු කර ඇති බවත් තලතා අතුකෝරල තවදුරටත් පැවසුවාය.

කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමිය මෙම පැහැදිලි කිරීම සිදුකර තිබුණා.

කෙසේවෙතත්, හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වූ අතර, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ අත්අඩංගුවේ පසුවන සැකකරුවකුට දුරකථනයෙන් සන්නිවේදනය කිරීම නීති විරෝධී බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.