ලෝකප්‍රසිද්ධ මල්ලවපොර තරගකරුවෙක් වෙන ජෝන් සීනා අද (21) පැවැති WWE WrestImania 41 තරගාවලියේදී වත්මන් WWE ලෝක ශූරයා වූ කොඩී රෝඩ්ස් පරාජයට පත්කරමින් 17 වන වරටත් ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් වූවා.
මෙම ජයත් සමඟ WWE ආයතනයේ ලෝක ශූරතාවය වැඩිම වාර ගණනක් දිනාගැනීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඔහුට හැකි වවූවා.
මීට පෙර 16 වතාවක් ලෝක ශූරයා වෙමින් රික් ෆ්ලෙයර් සමග ඔහු සමතැන් ගෙන සිටියා.
ජෝන් සීනා වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවෙන් මේ වසරේ දෙසැම්බර් මාසයේදී විශ්‍රාම ගැනීමට නියමිතයි.
