මිල ගණන් ඉහළ යාම නිසා ආයනනික වාහන අලෙවිකර ගැනීමට නොහැකි තත්ත්වක් මතුව ඇති බවට ඇතැම් මාධ්‍ය විසින් පළකර තිබෙන වාර්තාවල සත්‍යතාවක් නොමැති අතර නවතම ආනයනික වාහන සඳහා විශාල ඉල්ලුමක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයන සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.
මේ වන විටත් රට තුළට නව වාහන හය හත්දාහක් ගෙනවිත් තිබෙන බව ඒ මහතා සඳහන් කරයි.
වාහන ආනයනය තහනම ඉවත් කිරීමෙන් පසු වාහන ඉල්ලුම ඉහළ ගොස් තිබෙන බවද මානගේ මහතා පවසනවා.
මේ වන විට දිවයිනට පැමිණි වාහන වලින් 75%ක් 80%ක් විකිණී අවසන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
