IPL ඉතිහාසය තුළ ලකුණු 200කට වැඩි ඉලක්කයක් ප්රතිවාදී කණ්ඩායමට ලබාදී එම සියලුම තරග ජයග්රහණය කළ එකම කණ්ඩායම බවට මුම්බායි කණ්ඩායම පත් වී තිබෙනවා.
මුම්බායි කණ්ඩායම තරග 16කදී ලකුණු 200ට වඩා ඉලක්කයක් ප්රතිවාදීන්ට ලබාදී ඇති අතර ඔවුන් එම සියලු තරග ජයග්රහණය කිරීම විශේෂත්වයකි.
මේ අතර ඊයේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 54කින් ජයග්රහණය කිරීමත් සමඟ IPL ඉතිහාසය තුළ 150වන ජයග්රහණය වාර්තා කිරීමට සමත් වුණා.
එම ජයත් සමඟ IPL ඉතිහාසයේ ජයග්රහණ 150ක් වාර්තා කළ පළමු කණ්ඩායම බවටද මුම්බායි කණ්ඩායම පත් වුණා.
