Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

IOC හා SINOPEC සමාගම් සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි! නවතම මිල ගණන් මෙන්න!

2 years ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සංශෝධිත ඉන්ධන මිල ගණන්වලට සමගාමීව Lanka IOC හා SINOPEC සමාගම සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 299.00 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 293.00 කි.

රුපියල් 361.00 ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 341.00ක්.

මේ අතර, රුපියල් 286.00ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක් රුපියල් 12කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 276 .00ක්.

රුපියල් 331ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 06කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 325.00ක්.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 178කි.