කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (2) පැවති තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙහිදී පළමුම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 235ක් රැස්කිරීමට සමත් විය.
ලකුණු 236ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගයේ 47(46.3) වන පන්දුවාරයේදී කඩුලු 5ක් පමණක් දැවී තිබියදී ලකුණු 237ක් රැස්කරමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.
මෙය ජාත්‍යන්තර කාන්තා එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව හඹාගොස් ලැබූ 4වන හොඳම ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්විය.
ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රාහී කඩයිම කරා රැගෙන ගිය හර්ෂිතා සමරවික්‍රම ලකුණු 77ක් හා කවීෂා දිල්හාරි ලකුණු 61ක් රැස්කිරීමට සමත් වූහ.
ඔවුන් දෙදෙනා 4වන කඩුල්ලට ලකුණු 128ක සබඳතාවක් ගොඩනැගූ අතර එය ශ්‍රී ලංකාව වෙනුවෙන් 4වන කඩුල්ලට ගොඩනැගූ හොඳම ලකුණු සබඳතාව ලෙස වාර්තා පොත් අතරට එක් විය.
මීට පෙර එම වාර්තාව චමරි අතපත්තු හා හසිනි පෙරේරා සතුව තිබුණි. ඔවුන් දෙදෙනා ලකුණු 111ක සබඳතාවක් ගොඩනගා ඇත.
තරගයේ වීරවරිය සම්මානය දිනා ගැනීමට පන්දු 93කින් ලකුණු 77ක් රැස්කළ හර්ෂිතා සමත් විය.
ඉන්දීය කණ්ඩායම මේ දක්වා ක්‍රීඩාකළ තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගෙන සිටියි.
තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ පළමු තරගය ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජය විය.
දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාව හා ඉන්දියාව සමගින් ක්‍රීඩාකළ තරග දෙකම මේ වනවිට පරාජය වී සිටියි.
