යතුරුපැදි ආනයනයට අදාළ සීමාවක් ඉවත්කරමින් මුදල්, ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව පසුගිය අප්‍රේල් 29 වනදා සිට බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනය අනුව නව විද්‍යුත් යතුරු පැදියක් ආනයනය කරන්නේ නම් ආනයන අපනයන පාලක ජනරාල්වරයාගෙන් බලපත්‍රයක් ලබා ගත යුතු බවට පැවති සීමාව ඉවත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, පරිහරණය කරන ලද විද්‍යුත් යතුරු පැදි ආනයනය කරන්නේ නම් තවදුරටත් බලපත්‍රයක් ලබා ගත යුතු බව සඳහන්.
