තමාට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පනවා ඇති බව දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා පවසනවා.
විනෝදය සඳහා මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් තමාට මෙම තහනම පැනවූ බවයි ඔහු සඳහන් කළේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරන ඔහු තරඟ දෙකකට පමණක් ක්‍රීඩා කිරීමෙන් පසු යළි දකුණු අප්‍රිකාවට ආපසු ගොස් තිබිණි.
ටයිටන්ස් කණ්ඩායම සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත ඔහු දකුණු අප්‍රිකාව බලා පිටත් වූ බවයි.
නමුත් රබාඩා ඊයේ(4) සඳහන් කළේ මත්ද්‍රව්‍ය ලබා ගැනීම හේතුවෙන් තමාට පැනවූ තහනමක් නිසා යළි දකුණු අප්‍රිකාව බලා පැමිණි බවයි.
ඔහුට පනවා ඇති තහනම අවසන් වන දිනය පිළිබඳව තවමත් නිශ්චිතව හෙළි කර නැහැ.
