පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිල ඊයේ (09) සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.
ඒ අනුව ඊයේ රන් අවුන්සයක මිල රුපියල් 983,946ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව රන් අවුන්සයක මිල රුපියල් 40,000කට ආසන්න මුදලකින් පහත ගොස් තිබෙන බව සඳහන්.
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 254,550ක් දක්වා පහළ ගොස් තිබේ.
එහි අගය ඊයේ රුපියල් 264,750ක් ලෙස සටහන් විය .
මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 31,820ක් දක්වා පහළ ගොස් ඇති බවට වාර්තා වේ.
කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 34,710ක් දක්වා පහළ ගොස් තිබේ.
