වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 2.2කින් අවප්‍රමාණය වී තිබෙනවා.
මේ අතර අප්‍රේල් මාසයේදී සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 256.7ක් ලෙස සටහන් වී තිබේ.
එය 2024 වසරේ අප්‍රේල් මාසයේදී සටහන්ව තිබුණේ ඩොලර් මිලියන 225.7ක් ලෙසයි.
මේ අතර අප්‍රේල් අවසානය වන විට දළ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6326ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවද මහ බැංකුව පවසනවා.
