මෙරට රත්රං මිල සැලකිය යුතු වෙනසක් සිදුව ඇති බව වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසනවා.
ඒ අනුව පසුගිය සෙනසුරාදා දිනයට සාපේක්ෂාව රන් පවුමක මිල රුපියල් 6,000කින් පමණ පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 240,500ක් ලෙස සටහන් වී තිබෙනවා.
පසුගිය සෙනසුරාදා(10) දිනයේ දී එය සටහන් වී තිබුණේ රු. 246,000ක් ලෙසයි.
මේ අතර සෙනසුරාදා රු. 266,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 260,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා.
