පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙන බව වෙළඳුන් පවසනවා.
ඒ අනුව, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බොංචි කිලෝවක් 565ක මිලකටත්, කැරට් කිලෝවක් රුපියල් 865ක මිලකටත්, වම්බටු කිලෝවක් රුපියල් 375 කමිලකටත්, අමු මිරිස් කිලෝවක් රුපියල් 265 ක මිලකට සහ තක්කාලි කිලෝවක් රුපියල් 525 ක මිලකටත් අලෙවි වන බව සඳහන්.
එසේම, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රුපියල් 1000 ක මිලකටත්, වම්බටු කිලෝවක් රුපියල් 700 ක මිලකටත්, අමුමිරිස් කිලෝවක් රුපියල් 600 ක මිලකටත්, බෝංචි කිලෝවක් රුපියල් 660 ක මිලටත් අලෙවි වන බව සදහන්.