ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන අක්‍රමිකතා සෙවීම සඳහා, කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
අදාළ කමිටුව පත් කිරීම සඳහා ජනපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති අතර ඊට අදාළ සාකච්ඡාව පැය 4කට ආසන්න කාලයක් පවත්වා ඇත.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිමිකාරීත්වය රජය සතුව පවත්වා ගැනීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුව යමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකස් කරන ලද ව්‍යාපාර සැලැස්මෙහි ඉලක්ක ළඟාකර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
