Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආනයනික පළමු ලුණු තොගය මෙරටට පැමිණෙන දිනය

1 year ago

ආනයන බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව ලබන මස 10 වනදා දක්වා ලුණු ආනයනය කිරීමට හැකි වන පරිදි පසුගියදා විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම අනයනකරුවෙකුට ලුණු ගෙන්විය හැකි බවයි ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක පැවසීය.

මේ අතර පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් හෙට (21) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.